පොල් කට්ටේ වගා කල ක්ෂුද්‍ර පැලෑටි (Micro Greens)
ලොව පුරා Micro Greens වගාවන් සදහා පුළුල් උනන්දුව සහිත නව රැල්ලක් බිහිව තිබේ. සමහර දෙනා තවමත් රසකාරක සහිත ආහාර ම සොයන වකවානුවක අතීශය ගුණ දායක Micro Greens වගාව කෙරෙහි සිත් යොමු කිරීම බෙහෙවින්ම අගය කල යුත්තකි.
ඉතින් Micro Greens කියන්නේ මොනවාද?
Micro Greens කියන්නේ, ආහාරයට ගත හැකි ඉතා කුඩා පැලෑටි වර්ග වේ. ධාන්‍ය වර්ග, එළවලු, පලතුරු මේ ඕනෑම දෙයක් Micro Greens ලෙස වගා කර ආහාරයට ගත හැක. ශාක පවුල් කිහිපයකට අයත් Micro Greens අපට වගා කර ගත හැක. ශ්‍රී ලංකාව වැනි ජෛව විවිධත්වයෙන් ඉහල රටක මෙලෙස වගා කල හැකි පැලෑටි බොහෝමයක්ම තිබේ.
ඇත්තටම Micro Greens වලින් ඇති ප්‍රයෝජන මොනවාද?
පොෂණ ගුණ අසීමිතය. නවීන විද්‍යාත්මක පර්යේෂණ වලට අනුව ලෙඩ රෝග ගණනාවකට විරුද්ධව සටන් කිරීමට අවැසි ශක්තිය Micro Greens වලින් ලැබේ. තවද, දැනට රටට දරා ගත නොහැකි මට්ටමක පවතින හෘද රෝග, දියවැඩියාව සහ පිලිකා වැනි බෝ නොවන රෝග වලින් ආරක්ෂා වීමටත් ඉන් මඟ සලසයි. ඒ අතරම, දැනට එම රෝග වලින් පීඩාවට පත්ව සිටින අයට රෝග වලින් ශරීරය ට ඇති කරන හානිය අවම කර ගැනීමට අවශ්‍ය ගුණ මින් සැලසේ.
Micro Greens පොල් කටුවක වවන්නේ ඇයි ඉන් ඇති ප්‍රයෝජන මොනවාද?
සාමාන්‍යයෙන් Micro Greens ඉතා පහසුවෙන් ප්ලාස්ට්ක් බඳුන්වල වගා කර අස්වනු නෙලා ගත හැක. නමුත් මා පෞද්ගලිකවම ප්ලාස්ටික් විරෝධී අයෙකු වන අතරම, භාවිතයෙන් අනතුරුව කෙසේ නමුත් ප්ලාස්ටික් පරිසරයට මුදා හැරෙන බැවින් භාවිතයෙන් මිදී සිටිමි. පොල් කටුව 100% දිරාපත් අතරම, Micro Greens සඳහා හොඳම බඳුන බව මම අත්දැකීමෙන් දනිමි.
Micro Greens පොල් කටුවක වගා කිරීම සඳහා පොල් කටුව සකසා ගන්නේ කොහොමද?
පොල්කටුවේ පිටත ඇති කෙඳි ස්වභාවය මෙන්ම ඇතුලත ඇති ඉතිරිවු පොල් සහිත කුරුට්ට ද සූරා ඉවත් කර ගත යුතුය. එසේ නොමැතිව වගාව ආරම්භ කල හොත් කෘමි හානි ඇතුලුව වෙනත් හානී නිසා වගාවම විනාශ විය හැක.
පොල් කටුව සහ වගා මාධ්‍ය ජීවාණුහරණය කිරීම
හිරු එළියට හොඳින් නිරාවරණ වන පරිදි අව්වේ වේලා ගැනීම, පොල්කටු සස මාධ්‍ය වාෂ්පයෙන් තම්බා ගැනීම වැනි ජීවාණුහරණ ක්‍රථයක් භාවිත කල හැක.
ඔබේ අදහස් comment කරන්න
පිංතූර - සුනෙත් /15042025

Comments
Post a Comment